ගිය සති අන්තයේ අපිට යාපනය බලා යෑමට සිදුවුනේ විනෝදගමනකට නම් නොවේ..රාජකාරි ගමනකට ගියත් අපිට එක දවසකට යාපනය නගරයේ ඇවිදිමට අවස්ථාවක් ලැබීමට තරම් අප වාසනාවන්ත උනා...ඉතින් ලද අවසරයෙන් අපි සියලු දෙනා යාපනයේ කරක් ගැසීම ආරම්භ කලා...
අපි කෙලින්ම ගියේ යාපනය ටවුන් එකේ ඇති මාර්කට් එක දෙසටයි...එහිදි අපිට ලැබුනු පට්ටම කෑම උනේ "රටකජු බිස්කට්" නම් ප්‍රමාණයෙන් විශාල බිස්කට් එකක් වැනි කෑමකි.කඩේ සිටි මුදලාලිට සිංහල සාමාන්‍ය ලෙස සිංහල කතා කිරිමට හැකි වු හෙයින් අපි මේ බිස්කට් ගැන තොරතුරු ටිකක් විමසුවා...
"මහත්තයා මේ බිස්කට් තියෙන්නෙ යාපනයේ විතරයි...මේවා හදන්නෙ රටකජු කොටලා පිටි එක්ක දාලා...හරිම රසයි මහත්තයා" මුදලාලිගේ කතාව සත්‍යයක් බවට අප සියලු දෙනාටම එකඟ වන්නට උනේ හැපු පළමු බිස්කට් කෑල්ලෙන්ම එය ඔප්පුවු නිසාය... එහෙත් සාමාන්‍ය බිස්කට් මෙන් නොව ටිකක් තද ස්වාභායක් ගනි...රටකජු කොටා මෙන්ම උඩින් ද අසුරා ඇත... යාපනයේ ගියොත් ගෙනෙන සාමාන්‍ය දේවල් වලට වඩා වෙනස් දෙයක් ගෙනෙන්න අදහස් කරනවා නම් අනිවාර්යෙන්ම මේ රටකජු බිස්කට් ටිකක් අරන් බලන්න....







No comments:
Post a Comment