කමල්:මචන්,මා....ර සීන් එක බන්,මේක හදාගන්න තිබුනා කටර් අඩුවක් තිබුනනම්
සනත්:මේ වෙලාවෙ කොහෙද බන් කටර් අඩු හොයන්නෙ,හැබැයි......මගෙ යාලුවෙක්නම් ඉන්නවා සුමින්ද කියලා මේ හරියෙ,ඒත්.......
කමල්:ඉතින් යන්කො බන්,ඇයි මොකක්ද අවුල?
සනත්:නෑ බන්,ඌ මගෙ බොක්ක උනාට දවසක් ඌ සල්ලි වගයක් ඉල්ලලා ඌට දෙන්න මගෙ අතේ සල්ලි තිබුනෙ නෑ,ඕකා ඒ තරහා මේකෙන් යවයිද දන්නෙ නෑ....
කමල්:අපි කෝකටත් ගිහින් බලමුකො,දැන් ඉතින් මේකේ යන්නත් බෑනෙ
සනත්:හැබැයි කමලා සල්ලි දෙන්න බෑ කිව්වා කියලා කටර් අඩුව නොදී ඉන්න එකනම් බලු වැඩ නේද බන්,ඕකා බෑ කිව්වොත් මම ඕකගෙ රෙදි ගැලවෙන්න කියන්නෙ,කොහොමද දන්නවද?"අඩෝ සුමින්දයා..."
කමල්:කෑ ගහන්නෙපා බන්,මේ මහ පාර,අනිත් එක ඌ බෑ කියන එකක් නෑ...
සනත්:ඔව්,ඔව් ඕකා බෑ කියන එකක් නෑ.....,හැබැයි ඕකා බෑ කිව්වොත් අම්මපල්ලා ඕකට කියනවා මම..........
සුමින්දගේ ගේට්ටුව ලග............
කමල්:අර පත්තරේ බලන්නෙ උබේ යාලුවද?
සනත්:ඔව් ඔව් ඌ තමයි,හැබැයි ඕකා කටර් අඩුව දෙන්න බෑ කිව්වොත් උබ එහෙම මැද්දට පනින්න එපා!මන් කියනවා ඕකට දෙකක් කොහොමද දන්නවද?අඩෝ......
කමල්:නවත්තගනින් බන්,ඌ එහෙම කියන එකක් නෑ......වරෙන්කො යන්න
සනත් ඉස්තෝප්පුවේ පත්තරයක් බලමින් සිටී,කමල් සහ සනත් ඉස්තෝප්පුවට ගොඩවී...සනත් උගුර පාදයි......
සනත්:අහ්ම්ම්ම්......අහ්ම්ම්...
සුමින්ද:හල්ලෝ......මචන් සනත්
සනත්:අඩෝ......!තියාගනින් ඩෝ උබේ කටර් අඩුව,අපි කටර් අඩු දැකලා නෑ කියලා හිතුවද?සල්ලි නැති හින්දයි ඩෝ දෙන්න බෑ කිව්වේ,බලු වැඩ කරන්ඩෙපා යකෝ.....!
කමල් සනත්ව ඇදගෙන එලියට යයි,සුමින්ද සිදුවූ දේ සිතාගත නොහැකිව බලා සිටී.....
උපුටාගත්තේ ෆෙස්බුකියෙනි






No comments:
Post a Comment