Friday, January 25, 2013

ගමනාගමන ආතල් - පට්ට TALKS


මා ඉස්කොලේ ගියේ සෑම විටම බස් රථයේය...තිබිරිගස්යාය හන්දියෙන් බස් රථ කිහිපයක්ම අපගේ පාසල සමිපයෙන් ගමන් ගන්නා නිසා මට පාසල් ගමනාගමනය පහසු විය... 120 බස් සෑම විටම තිබුනත් එවා තිබිරිගස්යායට පැමිණෙන්නෙ සැමන් ටින් ආකාරයට ය...එම නිසා මම 125 බස් එකක් එනතුරු බලා සිටින්නේ සෙනග අඩු නිසා මෙන්ම වේගයෙන් යන නිසාත්මය..එහෙත් කෙටි කලෙකින් මට 125 බසයට සමු දීමට සිදු විය..

එ කුමක් නිසාවත් නොව අප පාසලේ මිතුරෙකු හමුවීමත් සමගය... එ වෙන කවුරුවත් නොව ශෙහාන් ඇන්තනිය.... ශෙහාන් ඇන්තනි උපතින්ම කට කාරයෙක්ය.. මම 125 බසයේ ගමන් ඇරඹිමත් සමග නිතරම ගමන් කිරිමට සිදු උයේ ඇන්තනි සමගය... ඇන්තනි කතා කරනවිට බසයටම ඇසෙන්නට කතා කරයි... මමත් ඔහු අසන සියල්ලටම හ්ම්ම් හ්ම්ම් යැයි පිළිතුරු දී නිහඩව සිටි..

දිනක් බස් ගැන කතාවක සිටි ඇන්තනි.. එකවරම

"මචන් මම ජැක් ගහන්නෙ මෙතන අයිනේ ඉන්නකොට තමා" යැයි මහ හඬින් කෙළවරකට අත දිගුකොට කීවේය..

"නියම පොට් එක" තවත් කියවයි..

මට දැනෙන ආකාරයට බසයේ සියල්ලම පාහේ අප දිහා බලාගෙනය

නිකමට ඔලුව ඔසවා බැලිමේදි ආච්චි කෙනෙකු අප දෙස රවා ගෙන සිටී..

කටින් නොකිවත් කියන්න ඇත්තේ " අවලම් බල්ලො" යැයි කියා මම සිතා ගත්තෙමි.

බසය පාසල කිට්ටුවටම එනතුරු ඉවත බලාගෙන සිටි මා නැවත්තුව සැණින් ඉන් ඉවතට පැන ගත්තේ ආයෙමත් එන්නෙ නම් නැතැයි සිතමිනි...හිහිහිහිහි

පාසලේ සිට බොරැල්ලේ අමතර පන්තියකට මා පාසල ඇරුනු විට ගමන් කිරිමට මා පුරුදුව සිටියේය...එවන් දිනවල 170 හො 190 බසයක ගමන් කිරිමට මට සිදු විය..

එම බස් වල සෑම විටම ගමන් කරන පිරිසක් සිටියේය...නමින් මතක තිබෙන්නෙ ඩේමියන් , කසුන් , හෙන් රි , කුලිත් යන මගේ මිතුරන්ය...මම පන්ති පැවැත්වෙන දිනවල ඔවුන් සමග ගමන් කිරිමට පුරුදුව සිටියෙමි...

දිනක් අප සියලු දෙනා කියවමින් , විහිලු කරමින් බසයෙන් සලාකා බස් නැවතුමට ලඟා විය... බස් නැවතුමේ අප කවුරුත් දන්නා බුරියා හෙවත් නිසිත මනුකුලසුරිය සිටියේ ගාම්භිර ලීලාවෙනි...එයට හේතුව වුයේ ඔහු පැළඳ සිටි "St Joseph's College - Cricket " තොප්පිය නිසා මෙන්ම පසෙකින් සිටි ගැණු ලමයි ටික යැයි අපට වැටහුණි...

කටකාරයා හා ලැජ්ජාවක් බියක් නැති අප කවුරුත් දන්නා ඩේමියන් දිව ගොස් නිසිතට ඉදිරියෙන් වු බසයේ ජනේලයෙන්

"අඩෝ බුරියා" යැයි මහ හඬින් කෑ ගැසුවේ බුරියාවත් අන්ද මන්ද කරමිනි...

අපිත් මහ හඬින් සිනා විය..බසයේ සියලු දෙනාත් සිනා වේ.. පසෙකින් සිටි ගැණු ලමයි කට වසාගෙන සිනා වේ... බසයේ එහා කෙලවර සිටි උන් නැගිට බලන්නේ බුරියාව දැක බලා ගන්නටය...

බුරියා අසරණ විය... පොඩි හිනාවක් දමා පසුපසින් ආ බසයට දුව ගොස් නැග ගත්තේ බසය කුමක් දැ කියාවත් නොබලා ය...හිහිහිහිහි


No comments:

Post a Comment