මේ සති අන්තයේ ලැබුනු නිවාඩුවත් සමගම අපෙන් කෙනෙකු යෝජනා කර සිටියේ උනවටුණ වෙරළ තිරයට ගොස් ඒමටය..සැබැවින්ම කාලෙකින් එහි නොගිය බවට අප සියලු දෙනාම පිළිගත් හෙයින් නිවාඩු දින උදෙන්ම පිටත් වීමට ගමන සුදානම් කරගතිමු.
දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ අප ගමන් කල නිසා පැය එකහාමාරක් ගත වද්දි අපට උණවටුනට ළගා වීමට හැකි උනි...අප රැඳිමට තොරාගත් ස්ථානය වුයේ 'විජය බීච්' නම් ස්ථානයයි...
එතරම්ම සැප පහසු කාමර නැතත් සාමාන්‍ය ගණයේ හොඳ මට්ටමේ කාමර ඇති මෙම 'විජය බීච්' හොටලය ප්‍රසිද්ධ වී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව එහි පමණක්ම සාදන විශේෂ පීසා නිසාය.
භොජනාගාරය ඉදිරිපසම වු දර පොරණුවක් තුල සකස් කරන මෙය සාමාන්‍යයෙන් අපට දකිනට ලැබෙන පීසා වලට වඩා තරමක් හීනි වේ. රස වර්ග කිහිපයකින්ම ඔබට රස බැලිය හැකි අතර පීසා එකක මිල රු.900ත් රු.1100ත් අතර අගයක් ගනී.
අනිවාර්යෙන්ම උණවටුනේ ගියොත් මෙම පීසා එකක් රස විඳින්න අමතක කරන්න එපා...තවත් පට්ට දේවල් ගැන දැන ගන්න ඇවිත් බලන්න පට්ට මචං වෙත හැමදාම.
Subscribe to:
Post Comments (Atom)







No comments:
Post a Comment