ජනවාරි 17 වනදා එළිදැක්වුනු Hansel and Gretel :Witch Hunters චිත්‍රපටය අප කවුරුත් දන්න පොඩි කාලේ අසා තිබුනු කතාවක්...අපිට මතකයි අපි කියවපු විදියට තම කුඩම්මා විසින් ඔවුන්ව කැලයේ අතරමං කර දමන අතර ඔවුන් මන්තර කාරියකට හසුවී කෙසේ හෝ එයින් පලායන කතාවේ ඉතිරි ටික මෙම චිත්‍රපටිය විසින් සළරූ පෙලකට සකසා ඇත... කුඩා කාලයේ මන්තර කාරිය මරණයට පත් කරන මොවුන් දෙදෙනාගේ වෘත්තිය වන්නෙද මන්තර කාරියන් සොයා මැරිමයි..එසේ ආරම්භ වන චිත්‍රපටයේ රසමුසු තැන් කිහිපයක් මෙන්ම සටන් ද විශාල ප්‍රමාණයක් වේ...
සැවොයි සිනමාහලේදි අප මෙය නැරඹු අතර 3D අත්දැකිමත් සමග චිත්‍රපටය ඉතා උසස් අයුරින් නිර්මාණය කොට තිබුනි...රු. 400ක ටිකට් පතකින් ඔබට උපරිම වින්දනයක් ලැබිය හැකි චිත්‍රපටයක් ලෙස පට්ට මචං මෙය නිර්දේශ කරයි...
පට්ට මචං ආරම්භය
පට්ට මචං වෙබ් පිටුවේ ආරම්භය මෙසේ සනිහිටුවන් වු වගයි.
යාපනයේ රටකජු බිස්කට් - පට්ට Foods
එහිදි අපිට ලැබුනු පට්ටම කෑම උනේ "රටකජු බිස්කට්" නම් ප්‍රමාණයෙන් විශාල බිස්කට් එකක් වැනි කෑමකි.කඩේ සිටි මුදලාලිට සිංහල සාමාන්‍ය ලෙස සිංහල කතා කිරිමට හැකි වු හෙයින් අපි මේ බිස්කට් ගැන තොරතුරු ටිකක් විමසුවා..
උණවටුනට ගියොත් කන්න වටින පීසා
මෙම 'විජය බීච්' හොටලය ප්‍රසිද්ධ වී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව එහි පමණක්ම සාදන විශේෂ පීසා නිසාය
Hansel and Gretel : Witch Hunters
සැවොයි සිනමාහලේදි අප මෙය නැරඹු අතර 3D අත්දැකිමත් සමග චිත්‍රපටය ඉතා උසස් අයුරින් නිර්මාණය කොට තිබුනි...රු. 400ක ටිකට් පතකින් ඔබට උපරිම වින්දනයක් ලැබිය හැකි චිත්‍රපටයක් ලෙස පට්ට මචං මෙය නිර්දේශ කරයි...
කුසල් ජනිත් ගේ පට්ට කැච් එක
ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති පලමු 20-20 ක්‍රිකට් තරඟයේදි කුසල් ජනිත් රැක ගත් පට්ට කැච් එක..
Sunday, January 27, 2013
කුසල් ජනිත් ගේ පට්ට කැච් එක
ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති පලමු 20-20 ක්‍රිකට් තරඟයේදි කුසල් ජනිත් රැක ගත් පට්ට කැච් එක..
Saturday, January 26, 2013
උණවටුනට ගියොත් කන්න වටින පීසා
මේ සති අන්තයේ ලැබුනු නිවාඩුවත් සමගම අපෙන් කෙනෙකු යෝජනා කර සිටියේ උනවටුණ වෙරළ තිරයට ගොස් ඒමටය..සැබැවින්ම කාලෙකින් එහි නොගිය බවට අප සියලු දෙනාම පිළිගත් හෙයින් නිවාඩු දින උදෙන්ම පිටත් වීමට ගමන සුදානම් කරගතිමු.
දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ අප ගමන් කල නිසා පැය එකහාමාරක් ගත වද්දි අපට උණවටුනට ළගා වීමට හැකි උනි...අප රැඳිමට තොරාගත් ස්ථානය වුයේ 'විජය බීච්' නම් ස්ථානයයි...
එතරම්ම සැප පහසු කාමර නැතත් සාමාන්‍ය ගණයේ හොඳ මට්ටමේ කාමර ඇති මෙම 'විජය බීච්' හොටලය ප්‍රසිද්ධ වී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව එහි පමණක්ම සාදන විශේෂ පීසා නිසාය.
භොජනාගාරය ඉදිරිපසම වු දර පොරණුවක් තුල සකස් කරන මෙය සාමාන්‍යයෙන් අපට දකිනට ලැබෙන පීසා වලට වඩා තරමක් හීනි වේ. රස වර්ග කිහිපයකින්ම ඔබට රස බැලිය හැකි අතර පීසා එකක මිල රු.900ත් රු.1100ත් අතර අගයක් ගනී.
අනිවාර්යෙන්ම උණවටුනේ ගියොත් මෙම පීසා එකක් රස විඳින්න අමතක කරන්න එපා...තවත් පට්ට දේවල් ගැන දැන ගන්න ඇවිත් බලන්න පට්ට මචං වෙත හැමදාම.

Friday, January 25, 2013
යාපනයේ රටකජු බිස්කට් - පට්ට Food
ගිය සති අන්තයේ අපිට යාපනය බලා යෑමට සිදුවුනේ විනෝදගමනකට නම් නොවේ..රාජකාරි ගමනකට ගියත් අපිට එක දවසකට යාපනය නගරයේ ඇවිදිමට අවස්ථාවක් ලැබීමට තරම් අප වාසනාවන්ත උනා...ඉතින් ලද අවසරයෙන් අපි සියලු දෙනා යාපනයේ කරක් ගැසීම ආරම්භ කලා...
අපි කෙලින්ම ගියේ යාපනය ටවුන් එකේ ඇති මාර්කට් එක දෙසටයි...එහිදි අපිට ලැබුනු පට්ටම කෑම උනේ "රටකජු බිස්කට්" නම් ප්‍රමාණයෙන් විශාල බිස්කට් එකක් වැනි කෑමකි.කඩේ සිටි මුදලාලිට සිංහල සාමාන්‍ය ලෙස සිංහල කතා කිරිමට හැකි වු හෙයින් අපි මේ බිස්කට් ගැන තොරතුරු ටිකක් විමසුවා...
"මහත්තයා මේ බිස්කට් තියෙන්නෙ යාපනයේ විතරයි...මේවා හදන්නෙ රටකජු කොටලා පිටි එක්ක දාලා...හරිම රසයි මහත්තයා" මුදලාලිගේ කතාව සත්‍යයක් බවට අප සියලු දෙනාටම එකඟ වන්නට උනේ හැපු පළමු බිස්කට් කෑල්ලෙන්ම එය ඔප්පුවු නිසාය... එහෙත් සාමාන්‍ය බිස්කට් මෙන් නොව ටිකක් තද ස්වාභායක් ගනි...රටකජු කොටා මෙන්ම උඩින් ද අසුරා ඇත... යාපනයේ ගියොත් ගෙනෙන සාමාන්‍ය දේවල් වලට වඩා වෙනස් දෙයක් ගෙනෙන්න අදහස් කරනවා නම් අනිවාර්යෙන්ම මේ රටකජු බිස්කට් ටිකක් අරන් බලන්න....
ගමනාගමන ආතල් - පට්ට TALKS
මා ඉස්කොලේ ගියේ සෑම විටම බස් රථයේය...තිබිරිගස්යාය හන්දියෙන් බස් රථ කිහිපයක්ම අපගේ පාසල සමිපයෙන් ගමන් ගන්නා නිසා මට පාසල් ගමනාගමනය පහසු විය... 120 බස් සෑම විටම තිබුනත් එවා තිබිරිගස්යායට පැමිණෙන්නෙ සැමන් ටින් ආකාරයට ය...එම නිසා මම 125 බස් එකක් එනතුරු බලා සිටින්නේ සෙනග අඩු නිසා මෙන්ම වේගයෙන් යන නිසාත්මය..එහෙත් කෙටි කලෙකින් මට 125 බසයට සමු දීමට සිදු විය..
එ කුමක් නිසාවත් නොව අප පාසලේ මිතුරෙකු හමුවීමත් සමගය... එ වෙන කවුරුවත් නොව ශෙහාන් ඇන්තනිය.... ශෙහාන් ඇන්තනි උපතින්ම කට කාරයෙක්ය.. මම 125 බසයේ ගමන් ඇරඹිමත් සමග නිතරම ගමන් කිරිමට සිදු උයේ ඇන්තනි සමගය... ඇන්තනි කතා කරනවිට බසයටම ඇසෙන්නට කතා කරයි... මමත් ඔහු අසන සියල්ලටම හ්ම්ම් හ්ම්ම් යැයි පිළිතුරු දී නිහඩව සිටි..
දිනක් බස් ගැන කතාවක සිටි ඇන්තනි.. එකවරම
"මචන් මම ජැක් ගහන්නෙ මෙතන අයිනේ ඉන්නකොට තමා" යැයි මහ හඬින් කෙළවරකට අත දිගුකොට කීවේය..
"නියම පොට් එක" තවත් කියවයි..
මට දැනෙන ආකාරයට බසයේ සියල්ලම පාහේ අප දිහා බලාගෙනය
නිකමට ඔලුව ඔසවා බැලිමේදි ආච්චි කෙනෙකු අප දෙස රවා ගෙන සිටී..
කටින් නොකිවත් කියන්න ඇත්තේ " අවලම් බල්ලො" යැයි කියා මම සිතා ගත්තෙමි.
බසය පාසල කිට්ටුවටම එනතුරු ඉවත බලාගෙන සිටි මා නැවත්තුව සැණින් ඉන් ඉවතට පැන ගත්තේ ආයෙමත් එන්නෙ නම් නැතැයි සිතමිනි...හිහිහිහිහි
පාසලේ සිට බොරැල්ලේ අමතර පන්තියකට මා පාසල ඇරුනු විට ගමන් කිරිමට මා පුරුදුව සිටියේය...එවන් දිනවල 170 හො 190 බසයක ගමන් කිරිමට මට සිදු විය..
එම බස් වල සෑම විටම ගමන් කරන පිරිසක් සිටියේය...නමින් මතක තිබෙන්නෙ ඩේමියන් , කසුන් , හෙන් රි , කුලිත් යන මගේ මිතුරන්ය...මම පන්ති පැවැත්වෙන දිනවල ඔවුන් සමග ගමන් කිරිමට පුරුදුව සිටියෙමි...
දිනක් අප සියලු දෙනා කියවමින් , විහිලු කරමින් බසයෙන් සලාකා බස් නැවතුමට ලඟා විය... බස් නැවතුමේ අප කවුරුත් දන්නා බුරියා හෙවත් නිසිත මනුකුලසුරිය සිටියේ ගාම්භිර ලීලාවෙනි...එයට හේතුව වුයේ ඔහු පැළඳ සිටි "St Joseph's College - Cricket " තොප්පිය නිසා මෙන්ම පසෙකින් සිටි ගැණු ලමයි ටික යැයි අපට වැටහුණි...
කටකාරයා හා ලැජ්ජාවක් බියක් නැති අප කවුරුත් දන්නා ඩේමියන් දිව ගොස් නිසිතට ඉදිරියෙන් වු බසයේ ජනේලයෙන්
"අඩෝ බුරියා" යැයි මහ හඬින් කෑ ගැසුවේ බුරියාවත් අන්ද මන්ද කරමිනි...
අපිත් මහ හඬින් සිනා විය..බසයේ සියලු දෙනාත් සිනා වේ.. පසෙකින් සිටි ගැණු ලමයි කට වසාගෙන සිනා වේ... බසයේ එහා කෙලවර සිටි උන් නැගිට බලන්නේ බුරියාව දැක බලා ගන්නටය...
බුරියා අසරණ විය... පොඩි හිනාවක් දමා පසුපසින් ආ බසයට දුව ගොස් නැග ගත්තේ බසය කුමක් දැ කියාවත් නොබලා ය...හිහිහිහිහි

පට්ට මචං ආරම්භය !!!
පට්ට මචං ආරම්භය !!! මේක අමුතුම වැඩක් කිව්වොත් හරි මොකද මේකට තාම ආරම්භයක් නැති නිසා...මේකෙ මොනවගේ එවා දාන්න ඔනේද කියලාවත් තාම අදහසක් නෑ...ඉතින් නිකං ඉන්න ගමන් මේ දවස් වල වැඩිපුර කියවෙන වචනයක් අල්ලගෙන සයිට් එකක් අටව ගත්තා..
හ්ම්ම් දැනට නම් අදහස් කරගෙන ඉන්නේ අපේ වටේ පිටේ තියෙන සිදුවෙන දේ, තාක්ෂණික දේ වගේම විහිලු තහලු ගැන ලියන්න තමා...ඉතින් අපි බලමු ඉදිරියට මොන වගේ දේවල් අපේ මේ වෙබ් පිටුවෙන් ඔබට සමීප කරන්න පුලුවන් වේවිද කියලා...

Subscribe to:
Posts (Atom)