පට්ට මචං ආරම්භය

පට්ට මචං වෙබ් පිටුවේ ආරම්භය මෙසේ සනිහිටුවන් වු වගයි.

යාපනයේ රටකජු බිස්කට් - පට්ට Foods

එහිදි අපිට ලැබුනු පට්ටම කෑම උනේ "රටකජු බිස්කට්" නම් ප්‍රමාණයෙන් විශාල බිස්කට් එකක් වැනි කෑමකි.කඩේ සිටි මුදලාලිට සිංහල සාමාන්‍ය ලෙස සිංහල කතා කිරිමට හැකි වු හෙයින් අපි මේ බිස්කට් ගැන තොරතුරු ටිකක් විමසුවා..

උණවටුනට ගියොත් කන්න වටින පීසා

මෙම 'විජය බීච්' හොටලය ප්‍රසිද්ධ වී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව එහි පමණක්ම සාදන විශේෂ පීසා නිසාය

Hansel and Gretel : Witch Hunters

සැවොයි සිනමාහලේදි අප මෙය නැරඹු අතර 3D අත්දැකිමත් සමග චිත්‍රපටය ඉතා උසස් අයුරින් නිර්මාණය කොට තිබුනි...රු. 400ක ටිකට් පතකින් ඔබට උපරිම වින්දනයක් ලැබිය හැකි චිත්‍රපටයක් ලෙස පට්ට මචං මෙය නිර්දේශ කරයි...

කුසල් ජනිත් ගේ පට්ට කැච් එක

ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති පලමු 20-20 ක්‍රිකට් තරඟයේදි කුසල් ජනිත් රැක ගත් පට්ට කැච් එක..

Saturday, May 4, 2013

කටර් අඬුව - පට්ට Talks

ඔන්න කමලුයි සනතුයි බයික් එකේ යනකොට බයික් එක කැඩුනා......

කමල්:මචන්,මා....ර සීන් එක බන්,මේක හදාගන්න තිබුනා කටර් අඩුවක් තිබුනනම්

සනත්:මේ වෙලාවෙ කොහෙද බන් කටර් අඩු හොයන්නෙ,හැබැයි......මගෙ යාලුවෙක්නම් ඉන්නවා සුමින්ද කියලා මේ හරියෙ,ඒත්.......

කමල්:ඉතින් යන්කො බන්,ඇයි මොකක්ද අවුල?

සනත්:නෑ බන්,ඌ මගෙ බොක්ක උනාට දවසක් ඌ සල්ලි වගයක් ඉල්ලලා ඌට දෙන්න මගෙ අතේ සල්ලි තිබුනෙ නෑ,ඕකා ඒ තරහා මේකෙන් යවයිද දන්නෙ නෑ....

කමල්:අපි කෝකටත් ගිහින් බලමුකො,දැන් ඉතින් මේකේ යන්නත් බෑනෙ

සනත්:හැබැයි කමලා සල්ලි දෙන්න බෑ කිව්වා කියලා කටර් අඩුව නොදී ඉන්න එකනම් බලු වැඩ නේද බන්,ඕකා බෑ කිව්වොත් මම ඕකගෙ රෙදි ගැලවෙන්න කියන්නෙ,කොහොමද දන්නවද?"අඩෝ සුමින්දයා..."

කමල්:කෑ ගහන්නෙපා බන්,මේ මහ පාර,අනිත් එක ඌ බෑ කියන එකක් නෑ...

සනත්:ඔව්,ඔව් ඕකා බෑ කියන එකක් නෑ.....,හැබැයි ඕකා බෑ කිව්වොත් අම්මපල්ලා ඕකට කියනවා මම..........

සුමින්දගේ ගේට්ටුව ලග............

කමල්:අර පත්තරේ බලන්නෙ උබේ යාලුවද?

සනත්:ඔව් ඔව් ඌ තමයි,හැබැයි ඕකා කටර් අඩුව දෙන්න බෑ කිව්වොත් උබ එහෙම මැද්දට පනින්න එපා!මන් කියනවා ඕකට දෙකක් කොහොමද දන්නවද?අඩෝ......

කමල්:නවත්තගනින් බන්,ඌ එහෙම කියන එකක් නෑ......වරෙන්කො යන්න

සනත් ඉස්තෝප්පුවේ පත්තරයක් බලමින් සිටී,කමල් සහ සනත් ඉස්තෝප්පුවට ගොඩවී...සනත් උගුර පාදයි......

සනත්:අහ්ම්ම්ම්......අහ්ම්ම්......

සුමින්ද:හල්ලෝ......මචන් සනත්

සනත්:අඩෝ......!තියාගනින් ඩෝ උබේ කටර් අඩුව,අපි කටර් අඩු දැකලා නෑ කියලා හිතුවද?සල්ලි නැති හින්දයි ඩෝ දෙන්න බෑ කිව්වේ,බලු වැඩ කරන්ඩෙපා යකෝ.....!

කමල් සනත්ව ඇදගෙන එලියට යයි,සුමින්ද සිදුවූ දේ සිතාගත නොහැකිව බලා සිටී.....


උපුටාගත්තේ ෆෙස්බුකියෙනි

Sunday, April 7, 2013

පට්ට Emoney සයිට් එකක් ගැන රහසක්


අන්තර්ජාලයේ මුදල් හොයන විදි නම් ගොඩයි..එත් ඒ ගොඩක් එවා බොරු කියලයි මම නම් කියන්නේ...එත් ගොඩක් එවා බොරු කියන්නෙ ඇත්ත එවත් තියෙන්න ඔනේ එ කියන්නෙ...ඉතින් එ ඇත්ත එකක් ගැන කියන්න තමා මම මේ හදන්නේ...මම නම් ගොඩක් ජාති Try කරලා තියෙන නිසා මේක සයිට් එක ගැන ටිකක් පැහැදිමකින් තමා කියලා දෙන්න හදන්නේ...

මම දැන් කතා කරන්න හදන වෙබ් සයිට් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා...එ තමා මේ සයිට් එකෙන් අපිට මේකට එකතු වෙන දවසෙම Cashout එකක් Request කරන්න පුලුවන් කමක් තියෙනවා...ඉතින් මම කියන විදියට කරලා බලන්න...ඔයාලට කොහොමද මෙක කරගන්න පුලුවන් කියලා..


පියවර 01

මුලින්ම සයිට් එකට Signup වෙන්න මේ ලින්ක් එකෙන් ගිහින්

REGISTER

පියවර 02

දැන් මුලින්ම සයිට් එක ගැන තියෙන Intro Video එක බලන්න එතකොට ඔයාගේ Balance එක 0.05 $ වෙයි...තවත් විඩියො එකක් තියෙනවා සයිට් එකෙන් Offers කරන්නෙ කොහොමද කියලා එකත් බලන්න Balance එක 0.07 වේවි..දැන් ඔවුන්ගේ ෆෙස්බුක් පිටුවක ලයික් එකක් දාන්න Balance එක 0.08 දක්වා වැඩි වෙයි...දැන් ඔවුන්ගේ ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න Balance එක 0.18 $ වෙයි...

පියවර 03

දැන් අපි Cashout එකක් කරලා බලමු මේවා වැඩද කියලා... මම නම් Cashout කරන්න තොරගත්තේ Liberty Reserve එක...මොකද 0.01$ක් උනත් මෙකෙන් ගන්න පුලුවන්කම තියෙන නිසා...

Spent Cash - Withdrawal එකට ගියාම ඔබට Cashout කරන විදිය තොරගන්න ලැබෙවි...ඉතින් ඔබට කරන්න තියෙන්නෙ... මිනිත්තු 30කටත් අඩු කාලයකින් ඔබ උපයපු මුදල Cashout කරන්න...

තාම ගිණුම අලුත් නිසා Manual Cashout තමා කරන්නේ... දවසක් යන්නටත් කලින් ඔබේ මුදල් ඔබේ ගිණුමේ තියෙවී....ඉතින් මෙහි තිබෙන Offers හා Games මගින් ඔබට තවත් උපයන්න පුලුවනි..මේ වෙබ් සයිට් එක 2007 ඉඳන් තියෙන එකක් නිසා බයවෙන්න කාරණාවකුත් නැහැ... උත්සහයක් දාලා බලලා යාලුවන්ටත් කියලා දෙන්න..

එහෙනම්....තවත් පට්ට බ්ලොග් පොස්ට් එකකින් අපි හමුවෙමු!!!

Sunday, January 27, 2013

Hansel and Gretel (3D)

ජනවාරි 17 වනදා එළිදැක්වුනු Hansel and Gretel :Witch Hunters චිත්‍රපටය අප කවුරුත් දන්න පොඩි කාලේ අසා තිබුනු කතාවක්...අපිට මතකයි අපි කියවපු විදියට තම කුඩම්මා විසින් ඔවුන්ව කැලයේ අතරමං කර දමන අතර ඔවුන් මන්තර කාරියකට හසුවී කෙසේ හෝ එයින් පලායන කතාවේ ඉතිරි ටික මෙම චිත්‍රපටිය විසින් සළරූ පෙලකට සකසා ඇත... කුඩා කාලයේ මන්තර කාරිය මරණයට පත් කරන මොවුන් දෙදෙනාගේ වෘත්තිය වන්නෙද මන්තර කාරියන් සොයා මැරිමයි..එසේ ආරම්භ වන චිත්‍රපටයේ රසමුසු තැන් කිහිපයක් මෙන්ම සටන් ද විශාල ප්‍රමාණයක් වේ...

සැවොයි සිනමාහලේදි අප මෙය නැරඹු අතර 3D අත්දැකිමත් සමග චිත්‍රපටය ඉතා උසස් අයුරින් නිර්මාණය කොට තිබුනි...රු. 400ක ටිකට් පතකින් ඔබට උපරිම වින්දනයක් ලැබිය හැකි චිත්‍රපටයක් ලෙස පට්ට මචං මෙය නිර්දේශ කරයි...




කුසල් ජනිත් ගේ පට්ට කැච් එක

ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති පලමු 20-20 ක්‍රිකට් තරඟයේදි කුසල් ජනිත් රැක ගත් පට්ට කැච් එක..




Saturday, January 26, 2013

Flashback අලුත්ම පට්ට සිංදු - ඔය වගේ අහලා පුරුදුයි

මෙවා වෙනවා කියලා කාට කියන්න ද ?







උණවටුනට ගියොත් කන්න වටින පීසා

මේ සති අන්තයේ ලැබුනු නිවාඩුවත් සමගම අපෙන් කෙනෙකු යෝජනා කර සිටියේ උනවටුණ වෙරළ තිරයට ගොස් ඒමටය..සැබැවින්ම කාලෙකින් එහි නොගිය බවට අප සියලු දෙනාම පිළිගත් හෙයින් නිවාඩු දින උදෙන්ම පිටත් වීමට ගමන සුදානම් කරගතිමු.

දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ අප ගමන් කල නිසා පැය එකහාමාරක් ගත වද්දි අපට උණවටුනට ළගා වීමට හැකි උනි...අප රැඳිමට තොරාගත් ස්ථානය වුයේ 'විජය බීච්' නම් ස්ථානයයි...

එතරම්ම සැප පහසු කාමර නැතත් සාමාන්‍ය ගණයේ හොඳ මට්ටමේ කාමර ඇති මෙම 'විජය බීච්' හොටලය ප්‍රසිද්ධ වී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව එහි පමණක්ම සාදන විශේෂ පීසා නිසාය.


භොජනාගාරය ඉදිරිපසම වු දර පොරණුවක් තුල සකස් කරන මෙය සාමාන්‍යයෙන් අපට දකිනට ලැබෙන පීසා වලට වඩා තරමක් හීනි වේ. රස වර්ග කිහිපයකින්ම ඔබට රස බැලිය හැකි අතර පීසා එකක මිල රු.900ත් රු.1100ත් අතර අගයක් ගනී.

අනිවාර්යෙන්ම උණවටුනේ ගියොත් මෙම පීසා එකක් රස විඳින්න අමතක කරන්න එපා...තවත් පට්ට දේවල් ගැන දැන ගන්න ඇවිත් බලන්න පට්ට මචං වෙත හැමදාම.


Friday, January 25, 2013

යාපනයේ රටකජු බිස්කට් - පට්ට Food

ගිය සති අන්තයේ අපිට යාපනය බලා යෑමට සිදුවුනේ විනෝදගමනකට නම් නොවේ..රාජකාරි ගමනකට ගියත් අපිට එක දවසකට යාපනය නගරයේ ඇවිදිමට අවස්ථාවක් ලැබීමට තරම් අප වාසනාවන්ත උනා...ඉතින් ලද අවසරයෙන් අපි සියලු දෙනා යාපනයේ කරක් ගැසීම ආරම්භ කලා...


අපි කෙලින්ම ගියේ යාපනය ටවුන් එකේ ඇති මාර්කට් එක දෙසටයි...එහිදි අපිට ලැබුනු පට්ටම කෑම උනේ "රටකජු බිස්කට්" නම් ප්‍රමාණයෙන් විශාල බිස්කට් එකක් වැනි කෑමකි.කඩේ සිටි මුදලාලිට සිංහල සාමාන්‍ය ලෙස සිංහල කතා කිරිමට හැකි වු හෙයින් අපි මේ බිස්කට් ගැන තොරතුරු ටිකක් විමසුවා...

"මහත්තයා මේ බිස්කට් තියෙන්නෙ යාපනයේ විතරයි...මේවා හදන්නෙ රටකජු කොටලා පිටි එක්ක දාලා...හරිම රසයි මහත්තයා" මුදලාලිගේ කතාව සත්‍යයක් බවට අප සියලු දෙනාටම එකඟ වන්නට උනේ හැපු පළමු බිස්කට් කෑල්ලෙන්ම එය ඔප්පුවු නිසාය... එහෙත් සාමාන්‍ය බිස්කට් මෙන් නොව ටිකක් තද ස්වාභායක් ගනි...රටකජු කොටා මෙන්ම උඩින් ද අසුරා ඇත... යාපනයේ ගියොත් ගෙනෙන සාමාන්‍ය දේවල් වලට වඩා වෙනස් දෙයක් ගෙනෙන්න අදහස් කරනවා නම් අනිවාර්යෙන්ම මේ රටකජු බිස්කට් ටිකක් අරන් බලන්න....